දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
08

දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක්

දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක්

පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ මැතිවරණ කොමිසම  අතර විශේෂ සාකච්ඡාවක් අද (08) පෙරවරුවේ පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

 

මැතිවරණ කොමිසම් සදහන් කළේ එම සාකච්ඡාව සඳහා සියලු පක්ෂ ලේකම්වරුන්ට සහ නියෝජිතයන්ට කැඳවීමක් සිදුකර ඇති බවයි.

 

මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළේ මෙහිදී මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය පිළිබඳව හා පාර්ලිමේන්තු විශේෂ සභාව මගින් යෝජනා කර ඇති මැතිවරණ ක්‍රමයේ සංශෝධන පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය බවය.

 

මෙම සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන නියෝජිතයන් හා සිවිල් සංවිධාන අතර ද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

views

221 Views

Comments

arrow-up