හෙළ වෙද ඖෂධයේ ඵලදායිතාවය විද්‍යාත්මකව තහවුරුකර ගැනීමට ජනපතිගෙන් උපදෙස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
02

හෙළ වෙද ඖෂධයේ ඵලදායිතාවය විද්‍යාත්මකව තහවුරුකර ගැනීමට ජනපතිගෙන් උපදෙස්

හෙළ වෙද ඖෂධයේ ඵලදායිතාවය විද්‍යාත්මකව තහවුරුකර ගැනීමට ජනපතිගෙන් උපදෙස්

වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ වර්ධන ඖෂධයක් ලෙස තහවුරු කරගෙන ඇති දේශීය ඖෂධය සම්බන්ධයෙන් අද දිනයේදීත් විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව ඖෂධ නිශ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

 

 

වතුපිටිවල රෝහලේ කළ මූලික පරීක්ෂණවලදී එහි සාර්ථකත්වයක් පවතින බව හෙළිව තිබෙනවා.

 

 

මේ සම්බන්ධයෙන් කොරෝනා මර්ධන ජනාධිපති කාර්ය සාධන බලකා රැස්වීමේදී සාකච්ඡාවට බඳුන් කර ඇති බවයි ඒ මහතා කියා සිටියේ.

 

 

මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයා තමන්ට උපදෙස් ලබාදුන් බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

 

 

විද්‍යාත්මක වශයෙන් මෙහි තිබෙන සත්‍ය අසත්‍යතාව පිළිබඳ ජනාධිපතිවරයාට කරුණු දක්වන ලෙස ජනාධිපතිවරයා දන්වා තිබෙනවා.

 

 

ඒ අනුව අද බටහිර වෛද්‍ය විද්‍යාවේ වගේම අනෙකුත් පරීක්ෂණ ක්ෂේත්‍ර වල සිටින විද්වතුන් සියලු‍ දෙනා කැඳවා සාකච්ඡාවක් කරවා හෙළ වෙදකම ඇසුරෙන් නිපදවූ මෙම ඖෂධයේ ඵලදායිතාවය පිළිබඳ පරීක්ෂණයක් කර ඒ පිළිබඳව නිවැරදි තොරතුරු රටට අනාවරණය කිරීමට සූදානම් බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

 

 

අදියර දෙකක් යටතේ දැනටමත් රෝගීන්ට මෙම ඖෂධය ලබාදී ඇති අතර මීළඟ අදියරේදී ඊටත් වැඩි රෝගීන් සංඛ්‍යාවක් යොදාගෙන පරීක්ෂණ සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් රෝගය වැළඳීමට අවදානමේ සිටින පිරිසට මෙම ඖෂධය ලබා දී එමඟින් රෝගය වළක්වා ගැනීමට හැකියාව තිබේ ද යන්නත් වෙනම පරීක්ෂණයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

 

 

 

views

732 Views

Comments

arrow-up