JAN
18
අද රාත්‍රීයේ සිට ශිෂ්‍යත්ව උපකාරක පන්ති තහනම්

අද මධ්‍යම රාත්‍රී 12 සිට මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා වන උපකාරක පන්ති සම්මන්ත්‍රණ ආදිය පැවැත්වීම තහනම් කර තිබෙනවා.
ඒ එලඹෙන 22 වනදා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට තීරණය කිරීමත් සමගයි.
ඒ අනුව උපකාරක පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශනා පැවැත්වීම, සම්මන්ත්‍රණ වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය සහ බෙදා හැරීම ඇතුළු ක්‍රියාකාරකම් තහනම් වී තිබෙනවා.
666 Views
Comments