තවත් වෛරසයක් හොර රහසේ හිස ඔසවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
11

තවත් වෛරසයක් හොර රහසේ හිස ඔසවයි

තවත් වෛරසයක් හොර රහසේ හිස ඔසවයි

මේ දිනවල පැතිර යන්නේ ඩෙංගු වයිරසයේ තුන්වැනි ප්‍රභේදය බැවින් එය ශරීර ගතවී දින දෙකක් තුළ අවදානම් තත්ත්වයක් හෝ සංකූලතාවක් ඇතිවිය හැකි බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසීය.

 

 

එබැවැන් යම් අයකුට ‘උණ’ වැනි රෝග ලක්ෂණයක් මතුවූ වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම ඉතා වැදගත් බවද හෙතෙම අවධාරණය කළේය.

 

 

විශේෂයෙන්ම මේ දිනවල උණ වැළඳුණහොත් එය කොවිඩ් යැයි නොසිතා ‘ඩෙංගු’ යැයි සිතා ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

views

671 Views

Comments

arrow-up