තුන්වෙනි පාර්ශවයකින් යලි පරීක්ෂාවක් කර කොන්දේසි විරහිතව පොහොර මිලදී ගතයුතුයි - චීනයෙන් සැර ලිපියක්

ශ්‍රී ලංකාවට කාබනික පොහොර සපයන Qingdao Seawin Biotech Group Co., Ltd. චීන තානාපති කාර්යාලය හරහා ප්‍රකාශයක් නිකුත් කරමින් දෙපාර්ශ්වයෙන් ඉල්ලා සිටින්නේ පොහොර සාම්පල ලෝකයේ වඩාත් පිලිගත් අංක 1 තෙවන පාර්ශවීය පරීක්ෂණ සංවිධානයට (Swiss SGS group) නැවත භාර දෙන ලෙසයි.
දෙපාර්ශ්වයම පරීක්ෂණ ප්‍රතිඵල කොන්දේසි විරහිතව පිළිගෙන ඒ අනුව තම වගකීම් ඉටු කළ යුතු බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
Erwinia අපවිත්‍ර වීම තහවුරු වුවහොත්, සැපයුම්කරු විසින් කොන්දේසි විරහිතව චීනය වෙත භාණ්ඩ ප්‍රවාහනය කළ යුතු බවත්, Erwinia දූෂණයක් නොමැති නම්, ගැණුම්කරු විසින් කොන්දේසි විරහිතව මිලදී ගත යුතු බවත් ප්‍රකාශයේ සඳහන්.
මෙම පොහොර වල ඇති අහිතකර ක්ෂුද්‍ර ජීවීන් නිසා මෙය මෙරට භාවිතයට නුසුදුසු බවට දේශීය පරීක්ෂණ වලින් තහවුරු විය.
1773 Views
Comments