ආරම්භ කිරීමට නියමිත දුම්රිය දින නියමයක් නොමැතිව කල් දැමේ

දුම්රිය ධාවනය බ්‍රහස්පතින්දා (21) සිට ආරම්භ කිරීම සඳහා දන්වා තිබූ මෙහෙයුම් කාර්ය මණ්ඩල කැඳවීම අද පෙරවරුවේ අවලංගු කර නැවත දැනුම් දෙනතුරු දුම්රිය ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව දන්වා ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර පවසනවා.
දුම්රිය ධාවනය බ්‍රහස්පතින්දා සිට නැවත ආරම්භ කිරීමට කාලසටහන් සකස් කර සියලුම කටයුතු සම්පූර්ණ කර තිබුණ ද,නැවත දැනුම් දෙනතුරු දුම්රිය ධාවනය නොවෙන්නේ යැයි ප්‍රධාන මෙහෙයුම් කණ්ඩායමක් වන දුම්රිය ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති බව ද ඔහු සදහන් කළා.
මෙම අවලංගු කිරීමට හේතුව සෞඛ්‍ය ගැටලුවක්ද, එසේ නැත්නම් වෙනයම් ගැටලුවක්ද? යන්න සොයමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
1064 Views
Comments