අරක්කු බාමින් තිබූ ලොරියෙන් අරක්කු උස්සලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
12

අරක්කු බාමින් තිබූ ලොරියෙන් අරක්කු උස්සලා

අරක්කු බාමින් තිබූ ලොරියෙන් අරක්කු උස්සලා

ඕපනායක සුරාසැලකට අරක්කු තොග බාමින් තිබූ ලොරි රථයකින් අරක්කු බෝතල් 10 ක් පැහැරගෙන ⁣ගිය පුද්ගලයකු ⁣ (09)දා රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය.

 

ඕපනායක පොලිස් බල ප්‍රදේශයට අයත් හුනුවල පදිංචි 35 හැවිරිදි පුද්ගලයකු පැහැරගත් අරක්කු බෝතල් දහයද සමග මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

 

අදාළ අරක්කු ලොරියේ රියැදුරු විසින් මේ සම්බන්ධයෙන් ඕපනායක පොලිසියට පැමිණිල්ලක් කර තිබෙන අතර ඔහු ⁣හුනුවල දී අත්අඩංගුවට ගෙන ඇත. ඔහු අධික ලෙස මත්පැන් වලට ඇබ්බැහි වූ පුද්ගලයකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පැවැසිය.

 

අත්අඩංගුවට ගත් පුද්ගලයා ඊයේ (10)දා බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් ඕපනායක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චි ගේ උපදෙස් පරිදි පරීක්ෂණ සිදු කරයි.

views

968 Views

Comments

arrow-up