"21 පාසල් නාවොත් වයඹ ගුරුවරුන්ගේ නොවැම්බර් වැටුප අත්හිටුවනවා"
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
19

"21 පාසල් නාවොත් වයඹ ගුරුවරුන්ගේ නොවැම්බර් වැටුප අත්හිටුවනවා"

"21 පාසල් නාවොත් වයඹ ගුරුවරුන්ගේ නොවැම්බර් වැටුප අත්හිටුවනවා"

එළඹෙන 21 වෙනිදා පාසල් ආරම්භ වීමෙන් පසුවත් වර්ජනයේ නිරත වන ගුරු හා විදුහල්පති වරුන්ගේ නොවැම්බර් මස වැටුප අත්හිටුවන බව පළාත් ආණුඩුකාර රාජා කොල්ලුරේ මහතා ප්‍රකාශ කළා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව පැවසුවේ.

 

" ආණ්ඩුකාර වරයා වශයෙන් අධ්‍යාපන ඇමතිගේ බලතල ක්‍රියාත්මක කිරීමට වග කියන පුද්ගලයා හැටියට මම 21 නොපැමිණ අයට නොවැම්බර් මාසේ වැටුප ලබාදීම අත්හිටුවීමට මම සලකා බලනවා."

 

වැටුප් විෂමතාවයට විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලා ගුරු විදුහල්පතිවරුන්ගේ සංගම් ඔන්ලයින් අධ්‍යාපනික කටයුතු වලින් ඉවත් වී ආරම්භ කළ වර්ජනයට අදට දින 100 ක් සපිරෙනවා.

 

මෙවන් පසුබිමක ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහි ජාතික එකමුතුව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා හමුවී ඊයේ ලිපියක් භාර දී තිබෙනවා. ඒ වැටුප් ගැටළුවට විසඳුම් ලැබෙන තුරුම සංගමයේ ගුරු විදුහල්පතිවරුන් පාසල්වල අධ්‍යාපන කටයුතු සඳහා එක් නොවන බව පවසමිනුයි.

 

"21 ඉස්කෝලේ යන්නට ගත්ත තීන්දුව දේශපාලන පක්ෂයක තීන්දුවක් 25 වැනිදා පාසල් යන්නට ගත්ත තීන්දුවත් අපි පැහැදිලිව කියනවා දේශපාලන පක්ෂ දෙකක තීන්දුවක්."

 

"එකක් ආණ්ඩුවේ පොදුජන පෙරමුණේ තීන්දුවක් අනිත් එක පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ තීන්දුවක්. ඒ නිසා අපි පක්ෂ වලට මේ සටන දිය කරන්නට ඉඩ දෙන්නේ නැහැ. අපි මේ සටන දිගටම කරගෙන යනවා." යනුවෙන් ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහි ජාතික එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් මාධ්‍ය හමුවකදී අද ප්‍රකාශ කළා.

views

1654 Views

Comments

arrow-up