පසුගිය රජය කෘෂිකර්මාන්තයට සිදු කළ හානිය මෛත්‍රීට අමතකයි - ඩිලාන් පෙරේරා
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
12

පසුගිය රජය කෘෂිකර්මාන්තයට සිදු කළ හානිය මෛත්‍රීට අමතකයි - ඩිලාන් පෙරේරා

පසුගිය රජය කෘෂිකර්මාන්තයට සිදු කළ හානිය මෛත්‍රීට අමතකයි - ඩිලාන් පෙරේරා

යහපාලන රජය විසින් ගොවීන්ගෙන් වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 36කට මිලදී ගත් බවත්,වත්මන් රජයෙන් එය රුපියල් 50ක සහතික මිලකට ලබා ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා.
 

පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ,ගොවීන්ගේ වී සඳහා උපරිම මිලක් ලැබී ඇති මොහොතක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට  යහපාලන රජයෙන් බිඳ දැමූ මෙරට කෘෂිකර්මාන්තය  පිළිබඳ අමතක වීම කනගාටුවට කරුණක් බවයි.
 

සිය පෞද්ගලික දේශපාලන ජීවිතය තුළ කිසිදු අයුරකින් ආණ්ඩු කරන සෑම අයෙකුටම තමන් ලෙහෙසියෙන් කඩේ නොයන බවත්,එම අවස්ථාවේදී රට මුහුණ පා ඇති අභියෝගයන්ට විසඳුම් සෙවීම වෙනුවෙන් පමණක් තමන් නැඟී සිටින්නෙකු බවත් හෙතෙම පවසනවා.
 

ගොවියන්ට,ගුරුවරුන්ට මෙන්ම සෞඛ්‍ය නිලධාරීන් ආදී සෑම ක්ෂේත්‍රයකම සේවකයන්ට අර්බුද ඇතත්,මෙම මොහොත එම අර්බුද සඳහා විසඳුම් සෙවීම නොව,පවතින ගෝලීය වසංගත තත්ත්වයෙන් සියලු ප්‍රජාව ආරක්ෂා වීමට කටයුතු කිරීම බවයි මන්ත්‍රීවරයා අවධාරණය කර සිටින්නේ.
 

ගොවි ප්‍රජාවගේ නිෂ්පාදන සඳහා උපරිම මිලක් ලබාදීම අත්‍යවශ්‍ය වුව ද , පවතින වසංගත තත්ත්වයට විසඳුම් ලබා නොදී එය අතපසු කළහොත්,එය ජීවිත දහස් ගණනක් වසංගතයට බිලිවීමට හේතුවක් විය හැකි බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.
 

වත්මන් රජය නිසි කළමනාකරණයෙන් යුතුව ක්‍රියා කිරීම මත මේ වනවිට ලෝකයේ දියුණු රාජ්‍යයන් අභිබවා ගොස් නව්‍ය කොරෝනා වසංගතයෙන් ප්‍රජාව ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාවලියේ එන්නත්කරණ යාන්ත්‍රණය සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇති බවයි හෙතෙම පවසන්නේ.
 

එබැවින් මේ වනවිට රට තුළ ඇති ප්‍රශ්නය වනුයේ ආකල්පමය ගැටලුවක් වන අතර , වසංගත තත්ත්වයෙන් රටේ ජනතාව සුරක්ෂිත කරගනිමින්,රට තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් උත්සහයක් ගනිමින් සිටින බව මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

views

778 Views

Comments

arrow-up