ලොහාන්ට එරෙහි පෙත්සමේ සිරකරුවන් අට දෙනාගේ ආරක්ෂාව තහවුරු කරන්න

රාජ්‍ය අමාත්ය ලොහාන් රත්වත්තේට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළ සිරකරුවන් අට දෙනෙකුගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට සහ අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතිපතිවරයාට නියෝග කළා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවන් අට දෙනෙකු රාජ්ය අමාත්ය ලොහාන් රත්වත්තේ මහතා සිදු කළ චෝදනාවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණි.
පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ 2021 සැප්තැම්බර් 2 වන දින අනුරාධපුර බන්ධනාගාරයේදී රාජ්‍ය ඇමති රත්වත්තේ විසින් සිදු කළ බව කියන බරපතල අපරාධ සම්බන්ධයෙන් නියෝගයක් ලබා දෙන ලෙසයි.
678 Views
Comments