නාවලපිටිය දැරිය කෙළෙසූ සියල්ල අල්ලයි - ආධාර අනුබල දුන් මව හා නැන්දාත් රිමාන්ඩ්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
28

නාවලපිටිය දැරිය කෙළෙසූ සියල්ල අල්ලයි - ආධාර අනුබල දුන් මව හා නැන්දාත් රිමාන්ඩ්

නාවලපිටිය දැරිය කෙළෙසූ සියල්ල අල්ලයි - ආධාර අනුබල දුන් මව හා නැන්දාත් රිමාන්ඩ්

නාවලපිටිය හරංගල ප්‍රදේශයේ වයස අවුරුදු 13ක දැරියක වසර 7 ක් පුරා අපයෝජනය කිරීමට සම්බන්ධබවට හඳුනාගත් පුද්ගලයන් දසදෙනා ඊයේ(27) වනවිට අත්අඩංගුවට ගත්බව ඒ පිළිබඳව විමර්ශන පැවැත්වූ නාවලපිටිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක හරේන්ද්‍ර කළුගම්පිටිය මහතා සඳහන් කළේය.

 

සිද්ධියට ආධාර අනුබලදුන් දැරියගේ මව හා නැන්දණිය සමඟ දොළොස් දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙයට සම්බන්ධ අවසන් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට නොහැකිව තිබියදී විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඔවුන්ගෙන් දෙදෙනකු සමඟ දැරියගේ මවද පසුගිය 25 වනදා අත්අඩංගුවට ගැණුනු අතර නාවලපිටිය මහෙස්ත‍්‍රාත් නිලන්ත විමලසේන මහතා විසින් එම සැකකරුවන් අගෝස්තු මස 02 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගකර කරන ලදී.

 

මාවතුර, නයාපාන ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන අවසන් සැකකරුද අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවී තිබේ.

 

මෙම බාලවයස්කාර දැරිය වයස අවුරුදු 6 සිට අසල නිවාසවල පදිංචිකරුවන්ගෙන් පාසල් සිසුන්ගෙන්, පියා ඇතුළු ඥාතීන්ගෙන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගෙන් අතවරයට ලක්වී තිබූ අතර මොවුන් අවුරුදු 18 සිට 43 දක්වා වයස්වල පුද්ගලයන් බව පොලිසිය පැවසීය.

 

අවසන් වරට 32 හැවිරිදි විවාහක එක්දරු පියෙකු මෙම දැරියව ගල්ගුහාවකට රැගෙන ගොස් දින කහිීපයක් තබා ගැනීමේ සිදුවීමය නාවලපිටිය පොලිසියට වාර්තාවී ඇති අතර පොලිසිය විසින් දැරියව නාවලපිටිය රෝහලට ඇතුළත් කර තිබුණි.

 

එහිදී මෙම දැරිය විශාල පිරිසක් අතින් දීර්ඝ කාලයක් තිස්සේ දූෂණයට ලක්ව ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරි ජේ. එම්. මහසෙන් මහතා විසින් හෙළි කිරීම නිසා මෙම සැකකරුවන් සොයා ගැනීමට හැකියාව ලැබී තිබුණි.

 

අපයෝජනයට ලක්වූ දැරිය පසුගිය 07 වනදා රෝහල් ගත කළ අතර එදින සිට දින 20 ක් තුළදී සියලූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවී තිබුණි.

views

10585 Views

Comments

arrow-up