දිවයිනේ ප්‍රදේශ කිහිපයක මි.මි.100 ට වැඩි තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට වඩා සුදුසු වායුගෝලීය තත්වයක් මේවනවිට පවතී.
දිවයිනේ සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. නැගෙනහිර පළාතේ සහ මුලතිව් දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
මධ්‍යම, උතුරු-මැද, ඌව, වයඹ,සබරගමුව සහ දකුණු පළාත්වලඇතැම් ස්ථාන වලට මි.මි.100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තුවිය හැක. දිවයිනට බස්නාහිර, වයඹ සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වන තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමයි.සුළගේ වේගය පැ.කි.මී. (10-20) පමණ වේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී.දිවයිනට බස්නාහිර, වයඹ සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශ ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තරමක් රළු විය හැක
684 Views
Comments