අපි කිව්වා වගේ පොම්පේයෝ ආවා ගියා මිස, අත්සන් කළ කිසිඳු ගිවිසුමක් නැත – ගම්මන්පිල (VIDEO)

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ මහතා ආවා ගියා පමණක් බවත් අත්සන් කළ කිසිඳු ගිවිසුමක් නොමැති බවත් අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.
ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණීමට පෙරත් කිසිඳු ගිවිසුමක් අත්සන් නොකරන බව අවධාරණය කළ බවත් ඒ පිළිබඳව හුඹස් බියක් ගොඩ නගන බව පැවසූ බව කියා සිටි අමාත්‍යවරයා, මේ වන විට විපක්ෂය බොරු කියන බවටත් ඔවුන් සඳහන් කළ කාරණය සත්‍ය බවටත් රටට ඔප්පු වී ඇති බව සඳහන් කළේය.
714 Views
Comments