OCT
13
ඩෙංගු ව්‍යාප්තියේ වර්ධනයක්

මෙරට ඩෙංගු රෝගය ව්‍යාප්තියේ වර්ධනයක් පෙන්නුම් කරන බව වාර්තා වේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 60,000කට ආසන්න පිරිසක් වාර්තාවී ඇති බවයි.
පසුගිය සතිය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 1,152 දෙනෙක් හඳුනා ගැනීමත් සමඟ මේ වන විට මේ වසර තුළ ඩෙංගු රෝගීන් 59,317 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වී ඇත්තේ ඩෙංගු රෝගීන් 19,912 දෙනෙකු පමණක් බවයි.
191 Views
Comments