DEC
15
කිරි නිෂ්පාදනය ඉහළ දැමීමට රුපියල් මිලියන 2000ක්

කිරි නිෂ්පාදන ඉහත දැමීම සඳහා ලබන වසරේදී රුපියල් මිලියන 2000ක් වෙන්කර තිබෙනවා.
මෙම මුදල වෙන්කර ඇත්තේ මධ්‍යම, වයඹ, උතුරුමැද, ඌව, රත්නපුර සහ මුලතිව් දිස්ත්‍රික්කවල කිරිගොවින් 4000ක් වෙනුවෙනි.
කුඩා වතු හිමියන්ගේ කෘෂි ව්‍යාපාර හවුල්කාරුවන්ගේ වැඩසටහන යටතේ මෙම මුදල් වෙන් කිරීම සිදුව තිබෙනවා.
කිරි නිෂ්පාදන පහසුවෙන් අලෙවි කර ගැනීම සඳහා මැදවච්චිය, පුත්තලම, මාතලේ, ගම්පොල, බණ්ඩාරවෙල සහ නාවලපිටිය ප්‍රදේශවල නව කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන ද ඉදි කිරීමට නියමිතයි.
694 Views
Comments