ICU කාමරේ දොර කඩන් පලා ගිය කොරෝනා රෝගීයා බිම වැටී මරු දකි

අනුරාධපුර රෝහලේ පිහිටි "මෙත්සිරි සෙවණ "කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු අවසිහියෙන් එම රෝහලෙන් පලා යමින් සිටියදී ජීවිතක්ෂයට පත් වීමේ පුවතක් වාර්තා වෙනවා.
මෙම රෝගියා අලුයම 3.00ට පමණ අවසිහියෙන් දැඩි සත්කාර ඒකකයෙන් පලාගොස් තිබෙනවා.
මොහු 37 හැවිරිදි වියෙහි පසු වන අයෙකු වීමද විශේෂත්වයක්.ඔහුඅනුරාධපුර යසසිරිපුර පදිංචි එක් දරු පියෙකු වනවා.
ඔහුට සවි කළ ඔක්සිජන් හා සේලයින් ඔහු විසින්ම ගලවා ගෙන තිබෙනවා.ඉන් පසු ඔහු ඇඳෙන් නැගිට එම දැඩිසත්කාර ඒකයේ වීදුරු දොරද කඩා පැන පලා ගොස් ඇතැයි වාර්තා වෙන්නේ.
පසුව ඔහු දුව ගෙන යන අව්ස්ථාවේ බිම ඇදි මිය ගොස් තිබෙනවා.
1058 Views
Comments