AUG
05
වැඩ වර්ජනය නිසා රෝහලට ගෙනා කොවිඩ් ආසාදිතයන් පැය ගණනක් ගිලන් රථයේ

රෝහල් කාර්ය මණ්ඩලය විසින් අද පෙරවරුවේ සේවයෙන් ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීම හේතුවෙන් බලපිටිය මූලික රෝහලට ගෙන ආ covid ආසාදිත රෝගීන් දෙදෙනෙකු පැයක පමණ කාලයක් ගිලන් රථයේම රඳවා තබා ගැනීමට සිදුවී තිබේ.
වෘත්තිය ක්‍රියාමාර්ගය අද පෙරවරු 11 ට අවසන් වූ අතර ඉන්පසුව රෝගීන් දෙදෙනා රෝහලට ඇතුළත් කරගෙන ඇත.
රාජ්‍ය සේවකයින් සියලු දෙනා සේවයට කැදවීමේ රජය තීරණයට එරෙහිව ඔවුන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹුණු අතර මේ හේතුවෙන් රෝගී ජනතාව දැඩි අපහසුතාවකට පත්ව තිබුණා.
341 Views
Comments