මියගිය ඉෂාලිනීගේ දේහය අද ගොඩ ගැනේ

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගයක් අනුව දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බතියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදී පිළිස්සී මියගිය ඉෂාලිනී දැරියගේ දේහය අද දින ගොඩගැනීමට නියමිතය.
නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට නියෝග කර සිටියේ හැටන් ඩයගම බටහිර කොටසේ පොදු සුසාන භූමියේ මිහිදන් කර ඇති දේහය දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සදහා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේ ගොඩ ගන්නා ලෙසයි.
ඒ අනුව අද උදෑසන 8.30ට මෙම දැරියගේ දේහය කොළඹ සිට අදාළ ප්‍රදේශයට ගොස් සිටින විශේෂඥ වෛද්‍ය මණ්ඩලය ඉදිරියේදී ගොඩගෙන දැඩි ආරක්ෂාවක් යටතේ පේරාදෙණිය ශික්ෂණ රෝහලට රැගෙන යාමට නියමිතය.
910 Views
Comments