සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් මංගල උත්සව පැවැත්වුවොත් නඩු
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
23

සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් මංගල උත්සව පැවැත්වුවොත් නඩු

සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් මංගල උත්සව පැවැත්වුවොත් නඩු

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසා සිටියේ අද සිට රට පුරා සියලුම මංගල උත්සව පරීක්ෂා කරන බවයි.

 


තවද සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් මංගල උත්සව පවත්වන පුද්ගලයන් හා මංගල උත්සව ශාලා හිමිකරුවන්ට විරුද්ධව නිරෝධායන පනත යටතේ නඩු පවරන බවද ඔහු කියා සිටියේය.

 


තවදුරටත් උපුල් රෝහණ මහතා පවසා සිටියේ පසුගිය දිනවල පැවති මංගල උත්සව රාශියක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂා කළ බවත් එම උත්සව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව නොපැවැත්වුණු බවත්ය.

views

870 Views

Comments

arrow-up