පස් - බොරලු‍ - වැලි ජාවාරමෝ කරච්චි වනසති - අක්කර 250 ක් දැනටමත් විනාශයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
05

පස් - බොරලු‍ - වැලි ජාවාරමෝ කරච්චි වනසති - අක්කර 250 ක් දැනටමත් විනාශයි

පස් - බොරලු‍ - වැලි ජාවාරමෝ කරච්චි වනසති - අක්කර 250 ක් දැනටමත් විනාශයි

කිළිනොච්චි ප්‍රදේශයේ නීති විරෝධී ලෙස වැලි, බොරලූ හා පස් කපන්නන්ට එරෙහිව නිලධාරීන් නීති මගින් කටයුතු කිරීමට කටයුතු කරමින් සිටින අතරවාරයේ ජාවාරම්කරුවන් මේ වන විට කරච්චි ප‍්‍රදේශයේ අක්කර 250 ක් පමණ විනාශ කොට ඇති බව ප‍්‍රදේශවාසීහ් පවසයි.

 

ගත වූ මාස දෙකක කාලය තුල ජාවාරම්කරුවන් කිළිනොච්චියේ වැසියන්ට අයත් බලපත‍්‍ර සහිත ඉඩම්වලින් පස් බොරලූ හා වැලි කපමින් එම ඉඩම් විනාශ කරණු ලැබුවත් නිලධාරීන් ඔවුන්ගේ එම ක්‍රියා මැඬ පැවැත්වීමට ගන්නා උත්සාහයන් ඉතා අවම මට්ටමක පවතින බව කිළිනොච්චියේ වැසියෝ චෝදනා කරති.

 

 ඔවුන් ඉල්ලා සිටින්නේ වහාම මෙම ක්‍රියාව නතර කොට කිළිනොච්චියේ වැසියන්ගේ ඉඩම් හා පරිසරය ආරක්ෂා කොට දෙන ලෙසටයි.

views

726 Views

Comments

arrow-up