JUL
18
ජනාධිපති මන්දිරය, අගමැති කාර්යාලය, අරලියගහ මන්දිරයේ භාණ්ඩ සොරාගත්, හානි කල 70ක් හඳුනාගනී

කොළඹ පැවති විරෝධතා අතරතුරදී ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, අග්‍රාමාත්‍ය කාර්යාලයට අලාභ හානි කරමින් ඒවායේ භාණ්ඩ සොරකම් කිරීම සම්බන්ධ පුද්ගලයින් 70ක් පමණ පොලිසිය හඳුනාගෙන ඇත.
අගමැති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවසට ගිනි තැබීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන්ද ඒ අතර වෙයි.
සජීවී දර්ශණ පෙන්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව උසි ගැන්වූ පුද්ගලයන්ද එලෙස හඳුනාගෙන ඇති අතර ඔවුන්ගෙන් බහුතරයක් දේශපාලන පක්ෂවලට සම්බන්ධ වූ අය බව පොලිසිය සඳහන් කරයි.
242 Views
Comments