SEP
27
නිවසක් මතට ගසක් කඩාවැටී මව හා පුතා තුවාල ලබයි

බදුල්ල, කැන්දගොල්ල නිවසක් මතට ඊයේ(26) මැදියම් රැයේ රූස්ස ටර්පන් ටයින් ගසක් කඩාවැටීමෙන් එම නිවසේ නිදාසිටි මව සහ පුතා තුවාල ලබා බදුල්ල සහ කැන්දගොල්ල රෝහල්වලට ඇතුළත් කර තිබේ.
නිවසට බරපතල හානි සිදුව ඇති අතර රෝහල් ගතකල මව සහ පුතාගේ තත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචිමාර්ග පැවසුවේ.
කඩාවැටී තිබෙන්නේ යාබද ඉඩමේ තිබූ ගසකි.
755 Views
Comments