නැන්දම්මා - මාමා එක්ව තිදරු මවක්වූ රෝගී ලේලියව ගෙදර සිරකරගෙන හම යනතෙක් පහරදීලා

විවාහක 28 හැවිරිදි තිදරු මවකට දැඩිව පහර දී නිවෙසක රඳවාගෙන සිටින බවට ලද තොරතුරු මත එම නිවෙස වටලා තුවාල ලබා සිටි කත කුරුණෑගල ශික්ෂණ රෝහලට පෙරේදා (22) දා රාත්‍රියේ ඇතුළත් කරන්නට බෝගමුව පොලීසිය පියවර ගත්තේය.
මෙම කාන්තාවගේ සැමියා පිටත රැකියාව කරන බවත් දරුවන් සමඟ නිවසේ සිටි ඇයට පහර දී ඇත්තේ ඇගේ (නැන්දම්මා) හා ඇයගේ (මාමණ්ඩි) බව කියන දෙදෙනකු විසින් බවට අනාවරණය කර ගැනීමට හැකි වූ බවත් පොලීසිය කියයි.
පහර කෑමට ලක්ව සිටි කාන්තාවගෙන් ප්‍රකාශයක් ගැනීමට පවා නොදී නැන්දම්මා නිල රාජකාරියට බාධා කළ බව ද පොලිසිය සඳහන් කරයි.
පහර කෑ කාන්තාව රෝගී තත්ත්වයකට වෛද්‍ය ප්‍රතිකාර ලබන බවත් ඇයට පවුලේ උදවිය මීට පෙරත් වරින් වර පහරදී ඇති බවත් ඒ සම්බන්ධව ළමා හා කාන්තා කාර්යාංශය මැදිහත්ව විභාගයක් මේ වනවිටත් පැවැත්වෙන බවත් පොලිසිය පවසයි.
එබැවින් ඊට බිය වූ පවුලේ අය තුවාල ලැබූ කාන්තාව රෝහල් ගත නොකර නිවසේ සිරකරගෙන සිටින බවට අවට වැසියන් පොලිසිය දැනුවත් කිරීමෙන් ලද උපදෙස් මත බෝගමුව පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් කණ්ඩායමක් එම නිවෙසට ගොස් නාරම්මල සිට සුව සැරිය ගිලන් රථයක් ගෙන්වා ඇය රෝහල් ගත කර පහර දීමට සම්බන්ධ නැන්දම්මාගේ සැමියා ඒ මොහොතේම අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
නැන්දම්මා යැයි කියන තැනැත්තිය අත්අඩංගුවට ගැනීමට නොහැකි වුවත් ඇය ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පොලිසිය පවසයි.
322 Views
Comments