MAR
14
තෙලුත් නැතිව මිලත් ඉහල දමා ජනතාව නන්නත්තාර කළ තෙල් සංස්ථාව සියලු සේවකයන්ට කෝටි 50ක බෝනස් දෙයි

රුපියල් මිලියන 18,000 ඉක්මවූ මෙහෙයුම් අලාභයක් ලබමින් සිටින ලංකා ඛනිජ තෙල් සංස්ථාව සිය කාර්ය මණ්ඩලයේ සියලු සේවකයින්ට ලබන මස බෝනස් දීමනාව ලබාදීමට තීරණය කර තිබේ.
මේ සතියේ රැස් වූ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවද වාර්තාවේ.
පසුගිය වසරේදී ද සේවකයින් 5200කට තුන් වරක් බෝනස් මුදල් ගෙවීම සඳහා රුපියල් කෝටි 156 ක මුදලක් සංස්ථාව වැය කර ඇත.
එයට අමතරව සේවක අතිකාල දීමනා සඳහා රුපියල් කෝටි 25ක් 30ක් අතර මුදලක් සංස්ථාව මාසිකව වැය කරනු ලබයි.
724 Views
Comments