නිවස බිමට සමතලා කළ මැර කල්ලිය දෙදරු මවට පහර දී දරුවන් සමඟ පාරට ඇද දමයි

පසුගිය සදුදා රාත්‍රියේ මැරයන් පනස් දෙනකු පමණ පැමිණ මයුරපුර ප්‍රදේශයේ නිවසක් බිමට සමතලා කර එහි සිටි දෙදරු මවට පහර දී දරුවන් දෙදෙනා සමඟ පාරට ඇද දමා ඇති බවට හම්බන්තොට වරාය පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.
ඔවුන්ගේ නිවස පිහිටි ඉඩම වෙනත් පාර්ශවයකට අයිති බව පවසමින් මෙම ඉඩමෙන් ඉවත් වන ලෙසට මොවුන්ට අවස්ථා කිහිපයකම බලපෑම එල්ල වී තිබුණි.
ඒ පිළිබඳව විමර්ශන සිදුකල අම්බලන්ගොඩ පොලිසිය මෙම ඉඩම් ගැටළුව නිරාකරණය කිරීම සඳහා දෙපාර්ශවයම මයුරපුර මහවැලි අධිකාරී කාර්යාලය ට යොමු කර තිබේ. එහිදී ඔහුට දැනුම් දී ඇත්තේ සංචරණ සීමාවන් ඉවත් කළ පසු මෙම ඉඩම් ගැටලුව නිරාකරණය කර දීමට ඔවුන් පියවර ගන්නා බවයි.
මෙම නිවස කඩා බිඳ දමා දරුවන් දෙදෙනකු සමග මව පාරට ඇද දැමීමේ සිද්ධිය වාර්තාවන්නේ මෙවන් පසුබිමකයි.
නිවස කඩා බිඳ දැමීමෙන් පසුව ද ඔව්න් නැවතත් පැමිණ තර්ජනය කර ගොස් ඇත.
පොලිසිය මේ පිළිබඳ විමර්ශන කරන නමුත් මේ වන විට කිසිවෙක් අත්අඩංගුට ගෙන නොමැත.
source: divaina
1790 Views
Comments