සජබ රැළියට ගිය කත ඇද වැටී මියයයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
21

සජබ රැළියට ගිය කත ඇද වැටී මියයයි

සජබ රැළියට ගිය කත ඇද වැටී මියයයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බදුරලිය, කඹුරාවල ප්‍රදේශයේදී ඊයේ(20) පැවැති සමගි ජන බලවේග රැළියකට සහභාගීවීමට පෙළපාලියක ගමන් කරමින් සිටි වයෝවෘද්ධ කාන්තාවක් මහමග ඇද වැටී මියගොස් ඇතැයි බදුරලිය පොලිසිය කියයි.

 

මෙලෙස මරණයට පත්ව තිබෙන්නේ වලල්ලාවිට යගිරල ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක් බවද, බදුරලිය බෝගහ හන්දියේ සිට රැළිය පැවැත්වෙන ස්ථානයට පැමිණීමට සංවිධානය කර තිබුණු පෙළපාලියක මෙම කාන්තාව ගමන් කරමින් සිටියදී කඹුරාවල පාසල ඉදිරිපිට මහමග ඇද වැටී ඇති බවද බදුරලිය පොලිසිය වැඩිදුරටත් පවසයි.


මෙම වයෝවෘද්ධ කාන්තාව යම් අසනීප තත්වයක් සඳහා ප්‍රතිකාර ගනිමින් සිට ඇතැයිද ඒ සම්බන්ධ, වෛද්‍ය නිර්දේශ සහිත ලිපි ලේඛනද ඇය සතුව තිබී ඇතැයි බදුරලිය ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

views

713 Views

Comments

arrow-up