තවත් කොරෝනා ආසාදිතයන් 369 කට සුවයි

මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 369 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 15 දහස් 816 දක්වා ඉහළ යනු ඇති. දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 5557 ක්.
ගතවූ පැය 24 තුළ ශ්‍රී ලංකාවෙන් ආසාධිතයන් 502 දෙනෙකු වාර්තා වුණා.
ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 21 දහස් 469 ක්. මිනුවන්ගොඩ-පෑලියගොඩ කොවිඞ් පොකුර පවතින්නේ 17 938 ක් ලෙසයි.
මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 650 ක්. ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඞ් මරණ 96 ක් වාර්තා වී තිබෙනවා.
777 Views
Comments