සියලු රාජ්‍ය සේවාවන් සදහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
12

සියලු රාජ්‍ය සේවාවන් සදහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

සියලු රාජ්‍ය සේවාවන් සදහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

සියලු රාජ්‍ය සේවාවන් සදහා ඒකාබද්ධ යාන්ත්‍රණයක් සැකසීමට කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ ප්‍රමුඛතා හදුනාගැනීම පිළිබද ජාතික සභා අනුකාරක සභාවේ අවධානය යොමු වී ඇති බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

 

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ රාජ්‍ය සේවය සදහා ප්‍රධාන කාර්ය සාධක දර්ශකයක් ස්ථාපිත කිරීම සදහා ප්‍රතිපත්ති සැකසීම පිළිබද සාකච්ඡා කිරීමට එම අනු කමිටුව රැස්වූ අවස්ථාවේදී එහි සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළ බවයි.

 

රටේ රාජ්‍ය යාන්ත්‍රණයට අදාළ සේවාවන් ඒකාබද්ධ කිරීම සදහා පවතින නෛතික බාධාවන් පිළිබදව මෙන්ම දැනට ක්‍රියාත්මක වන ප්‍රධාන කාර්ය සාධක දර්ශක සලකා බැලීමේදී ඒ ඒ ආයතනවලට ආවේණික වෙනස්කම් පවතින බවද සභාපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

 

සියලු රාජ්‍ය සේවාවන් සදහා සමානව ක්‍රියාත්මක කළ හැකි ප්‍රධාන කාර්ය සාධක දර්ශකයක් නිර්මාණය කිරීමට අභියෝගයක් පවතින බවත් ඊට අමතරව මහජනතාවට සේවාවන් සැපයීමේදී වඩාත් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ගොඩනැගීමට සිය කමිටුවේ අභිප්‍රාය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එහිදී ප්‍රකාශ කර තිබෙනවා. 

 

එම කාර්ය සාර්ථකව ඉටු කරගැනීම සදහා සියලු දීප ව්‍යාප්ත සේවා නියෝජිතයන්ගේ අදහස්, යෝජනා සහ සහයෝගය අපේක්ෂා කරන බවයි කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ ප්‍රමුඛතා හදුනාගැනීම පිළිබද ජාතික සභා අනුකාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

views

197 Views

Comments

arrow-up