ධාවනය වෙමින් තිබූ යතුරුපැදියට පයින් ගසා බිමට වැටුණු කතගේ රන් මාලය කොල්ල කාලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
07

ධාවනය වෙමින් තිබූ යතුරුපැදියට පයින් ගසා බිමට වැටුණු කතගේ රන් මාලය කොල්ල කාලා

ධාවනය වෙමින් තිබූ යතුරුපැදියට පයින් ගසා බිමට වැටුණු කතගේ රන් මාලය කොල්ල කාලා

යතුරුපැදියකින් ගමන් කළ කාන්තාවකගේ යතුරු පැදියට පා පහරක් එල්ලකර, යතුරුපැදිය සහ කාන්තාව බිමට වැටුණු පසු එම කාන්තාවගේ ගෙලේ බැඳ තිබූ ලක්ෂ තුනක පමණ වටිනා රන් මාලය කොල්ලකා පලාගිය සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා පෙරේදා (05) විමර්ශන ආරම්භ කළ බව එප්පාවල පොලිසිය පවසයි.

 

යකල්ලේගම, එප්පාවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක කාන්තාවක් තම දරුවන් රැගෙන ඒම සඳහා එප්පාවල නගරයේ ඇති පාසලකට යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී, වෙනත් යතුරුපැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනකු එප්පාවල, වැව් බැම්ම අසල දී මෙම කොල්ලකෑම සිදුකර ඇතැයි පොලිසිය කියයි.

 

කොල්ලකරුවන් පැමිණි යතුරුපැදියේ පිටුපස පැමිණි පුද්ගලයා තමා පැළඳ සිටි කඹයක් හැඩති පවුම් දෙකක රත්‍රං මාලය කොල්ල කා පලාගිය බව පැමිණිල්ලේ සඳහන්ව ඇති බව පොලිසිය කියයි.

 

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා එප්පාවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

views

286 Views

Comments

arrow-up