ඉන්ධන එන්නේ කවදාදැයි අහන්න ගිය මව හා දුව ටිපරයට යටවෙයි - දුව මරුට, මවටත් බරපතලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
01

ඉන්ධන එන්නේ කවදාදැයි අහන්න ගිය මව හා දුව ටිපරයට යටවෙයි - දුව මරුට, මවටත් බරපතලයි

ඉන්ධන එන්නේ කවදාදැයි අහන්න ගිය මව හා දුව ටිපරයට යටවෙයි - දුව මරුට, මවටත් බරපතලයි

පෙට්‍රල් ලබාදෙන ඉදිරි දිනයක් දැන ගැනීමට පණ්ඩුලගම ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හලකට යතුරුපැදියකින් පැමිණි මවක් සහ දියණියක් ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි ටිපර් රථයක ගැටීම හේතුවෙන් පෙරේදා(30) සිදුවූ අනතුරකින් එම දියණිය ජීවිතක්ෂයට පත්ව ඇගේ මව බරපතළ තුවාල ලබා ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.

 

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ ඉහළවැව, ශ්‍රාවස්තිපුර ලිපිනයේ පදිංචි පී.ඩී. අනෝමා රණසිංහ නැමැති 36 හැවිරිදි කාන්තාවක් බව පොලිසිය පවසයි. 


බරපතළ තුවාල ලැබූ මරණකාරියගේ මව අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.

 

ඩීසල් ලබා ගැනීමට පැමිණ දින කිහිපයක් තිස්සේ එම ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට නතර කර තිබූ ටිපර් රථයක බැටරිය අක්‍රීය වීමෙන් වෙනත් ටිපර් රථයක් පැමිණ පසු පස කොටස අනෙක් ටිපර් රථයේ පසුපසට වැදීමට සලස්වා තල්ලු‍ කිරීමේදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරයි. 

 

මරණකාරිය මව සමග පැමිණ යළි ඉන්ධන පැමිණෙන දිනය පිරවුම්හලෙන් විමසා නැවත යතුරුපැදියෙන් යෑමට සූදානම් වූ අවස්ථාවේදී එක්වරම පණ ගැන්වුණු එම ටිපර් රථය මව සහ දියණිය සිටි යතුරුපැදියේ ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පැවසීය. 

 

අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

views

243 Views

Comments

arrow-up