Executive : වාහන අංක තහඩු වෙනස් කළොත් මාස තුනක් හිරේ/ මෙන්න නීතිය

වාහනයේ අංක තහඩු වෙනස් කොට හසු වුවහොත් රුපියල් විසි දහසක දඩයකට හෝ මාස තුනක සිර දඩුවමකට අධිකරණය මඟින් දඩුවම් ලබා දිමට හැකියාවක් පවතිනවා. ඒ මෝටර් රථ පනතේ විධි විධානයන්ට අනුකූලවය.
මෙම වරදට අදාළව එම වාහනයේ හිමිකරු අත්අඩංගුවට ගත හැකි බවත් එම වරදට අධිකරණය වෙත ඉදිරිපත් කොට මෙම දඩුවම් ලබා දිය හැකිය 1984 අංක 40 මෝටර් වාහන පනත,2009 අංක 8 8 දරණ මෝටර් වාහන පනත හරහා සංශෝධනය වී එහි දැක් වෙන ආකාරයට මෙම දඩුවම් ක්‍රියාත්මක කළ හැකිය වාහන අංක තහඩු වංචනික ලෙස වෙනස් කිරීම,අනුකරණය කිරීම,මකා දැමීම හෝ විනාශ කිරීම මෙලෙස දඩුවම් ලබා දීමට හේතු වන බවත් එහිදී මුල් අවස්ථාවේ වරදකරු වන අයට රුපියල් 15000 ට නොඅඩු සහ රුපියල් 20000 ට නොවැඩි දඩයකට හෝ මාස තුනක සිරදඬුවමකට අධිකරණය මඟින් දඩුවම් ලබා දීමට හැකියාව පවතිනවා.
එසේම මෙම වරදට දෙවන වතාවේ හෝ පසුව හසු වන්නෙකු හට මූල්‍ය දඩය 30000 කට නොඅඩු 50000 කට නොවැඩි දඩයකට හෝ මාස තුනක සිරදඬුවමට යටත් කිරීමට අධිකරණමය බලය තිබෙනවා.
වාහන අංකයේ අවසාන අංකයට අදාළ දිනයන්හීදී ඉන්ධන ලබා දීම ඊයේ සිට ආරම්භ කිරීමත් සමඟ ඇතැම් පිරිස් වාහන අංක තහඩු වෙනස් කරමින් ඉන්ධන හල් වෙත පැමිණි ආකාරයක් සාමාජ මාධ්‍ය වාර්තා කර තිබුණා
436 Views
Comments