තෙල් පෝලිම් මරණ 24 දක්වා ඉහළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
25

තෙල් පෝලිම් මරණ 24 දක්වා ඉහළට

තෙල් පෝලිම් මරණ 24 දක්වා ඉහළට

පොතුවිල් සහ ඌරගස්මංහන්දිය යන ප්‍රදේශවල පිහිටි ඉන්ධන පෝලිම්වල රැඳී සිටි පුද්ගලයින් දෙදෙනෙකු පසුගිය 23 වැනිදා මියයෑමත් සමඟ පෝලිම්වල සිටියදී මියගිය මරණ සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය පවසයි.

 

23 වනදින පොතුවිල් සිපෙට්කෝ ඉන්ධන හලේ ඉන්ධන පෝලිමේ සිටියදී උදේ 8.10ට පමණ හෘදයාබාධයකින් මෙම පුද්ගලයා රෝගී වී ඇති අතර ඉන් පසුව පොතුවිල් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බවත් මොහුට විවිධ රෝගාබාධ රැසක් තිබුණු අතර මීට පෙර අවස්ථා කිහිපයකම මොහු රෝගී වී ඇති බවද පොතුවිල් පොලිසිය වැඩිදුරටත් පැවසිය.

 

මෙසේ මියගොස් තිබෙන්නේ පොතුවිල් වැටියවල අංක 11 දරන ලිපිනයේ පදිංචි තිදරු පියෙකි. 

 

මේ අතර ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලිමක රැඳී සිටි පුද්ගලයෙකු හෘදයාබාධයක් හේතුවෙන් පෙරේදා (23) මරුමුවට පත්වී තිබේ.

 

මෙලෙස මියගොස් තිබෙන්නේ අහුංගල්ල පොල්අතු පළාත පදිංචිව සිටි 81 හැවිරිදි ජී. වීරසිංහ නමැති ලොරි රථ රියැදුරෙකි. 

 

ඔහු සිය ලොරි රථයට ඉන්ධන ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටියදී මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස් තිබේ.

 

මොහු හෘද රෝගයට වසර විස්සක සිට ප්‍රතිකාර  ගන්නා පුද්ගලයකු බවද පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

views

260 Views

Comments

arrow-up