පලතුරු වැවිල්ලත් අර්බුදයක් වූ ගොවීන්

මෙරට පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් පලතුරු වගා කරුවන්ටද දැඩි පීඩාවක් එල්ලවී තිබෙනවා.
විදේශ වෙළෙඳපොළ ඉලක්ක කරගෙන පේර, අඹ, කටු අනෝදා සහ දෙළුම් ආදී පලතුරු වගා කරත් ඒවා විකුණා ගැනීමට නොහැකිව ගොවීන් දැඩි අසීරුතාවයකට මුහුණ දී තිබෙනවා.
පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙම පලතුරු වගා කරුවන්ට ආයතන ප්‍රධානීන් දැනුම් දී ඇත්තේ තව නොබෝ දිනකින් පලතුරු අපනයනය කිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දැමීමට සිදු වන බවයි.
රටට ඩොලර් උපයාගත හැකි තවත් එක් කර්මාන්තයක් වන මෙම කර්මාන්තය කඩා වැටීමට ඉඩ නොදී පලතුරු ප්‍රවාහනය කිරීම සඳහා ලොරි රථ වලට අවශ්‍ය ඉන්ධන ලබා දීමට කිසියම් ක්‍රියාමාර්ගයක් යොදන ලෙස පලතුරු වගාකරුවන් ඉල්ලා සිටිනවා.
203 Views
Comments