“මම ජනාධිපති වුන ගමන් රනිල්ව අගමැතිකමෙන් ඉවත් කරනවා” - ඩලස්

තමන් ජනාධිපතිධුරය සඳහා තේරී පත් වුවහොත් නිශ්චිත වශයෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සඳහන් කර ඇත.
නමුත් එම ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත් නොකරන බවද හෙතෙම පවසා තිබේ.
අරගල කරමින් සිටින ජනතාව ඉල්ලා සිටින්නේ රනිල් වික්‍රමසිංහව ප්‍රතික්ෂේප කරන ලෙස බැවින් එවන් අයෙකු අග්‍රාමාත්‍යධුරයට පත්කිරීමට තමන් කිසි විටෙක සූදානම් නොමැති බවත් ඔහු පවසා ඇත.
ගොඩනගන සර්ව පාක්ෂික ආණ්ඩුවේ අග්‍රාමාත්‍යධුරය විපක්ෂය නියෝජනය කරන අයෙකුට ලබා දිය යුතු බවත් ඔහුගේ අදහස වී ඇත.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත‍්‍රී පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පල කර තිබේ.
303 Views
Comments