JUN
11
පොලිසියට පහරදුන් අයෙක් අත්අඩංගුවට

නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට හා පොලිස් අධිකාරීවරයෙකු ඇතුලු නිලධාරීන් පිරිසකට පහරදුන් පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය මැයි 9 වෙනිදා මෙම පහරදීම සිදුකර ඇති අතර එහිදී අදාල සැකකරු විසින් පොලිස් නිලධාරීන් ගමන් ගත් නිල රථයක් පැහැරගෙන ගොස් ගිනි තබා විනාශ කර ඇති බවද විමර්ශන වලින් තහවුරු වී තිබෙනවා.
මෙසේ අත් අඩංගුවට ගත් පුද්ගලයා 43 හැවිරිදි අයෙක්.
454 Views
Comments