මෛත්‍රීට පැජට් පාරේ නිවස අහිමිවෙයි

කොළඹ 07 පැජට් පාරේ පිහිටි නිල නිවසක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ස්ථිරවම ලබාදීමට කැබිනට් මණ්ඩලය එවක ගෙන තිබූ තීරණයක් අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
පී පද්මන් සූරසේන – යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ල විසිනුයි එම නියෝගය ලබා දී ඇත්තේ.
සිවිල් ක්‍රියාකාරී ආචාර්ය පාක්‍යසෝති සරවණමුත්තු මහතා ගොණුකර තිබූ පෙත්සමකට අදාළව මෙම නියෝගය නිකුත් කෙරුණා.
එය තවත් සති 04 කින් බලාත්මක වනු ඇති.
එතැන් සිට මෙම පෙත්සම විභාග කර අවසන් වන තුරු එම අතුරු තහනම් නියෝගය බලාත්මක වනවා.
791 Views
Comments