ඔක්කොමලා බලන් හිටපු ගැසට් එක එළියට - ජනාධිපති යටතට ආයතන 42ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
31

ඔක්කොමලා බලන් හිටපු ගැසට් එක එළියට - ජනාධිපති යටතට ආයතන 42ක්

ඔක්කොමලා බලන් හිටපු ගැසට් එක එළියට - ජනාධිපති යටතට ආයතන 42ක්

රජයේ දෙපාර්තමේන්තු, සංස්ථා සහ මණ්ඩල ඇතුළු ආයතන 42ක් ජනාධිපතිවරයා යටතට පත්කර ගනිමින් මෙතෙක් සියලු‍ දෙනා බලා සිටි ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත්කොට ඇත.

 

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ආයෝජන මණ්ඩලය, පොර්ට් සිටි ආර්ථික කොමිසම මුල් වරට ආරක්ෂක අමාත්‍යංශය යටතට ගැසට් කර තිබීම මෙහි විශේෂත්වයයි.

 

කැබිනට් අමාත්‍යවරුන් 23 දෙනාට ආයතන බෙදීයන ආකාරය මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කොට තිබේ.

 

එසේම කිසිදු ආයතනයක් කිසිදු අමාත්‍යාංශ්‍යකට ගැසට් කර නොමැති නම් ඒ සියලු‍ ආයතන ජනාධිපතිවරයා යටතට පත්වන බවත් මෙම ගැසට් නිවේදනයේ සඳහන් කොට තිබීමද විශේෂත්වයකි.

views

683 Views

Comments

arrow-up