බීමත් නරුම පුතා තමන්ගේම තාත්තාව කාමරයකට දාලා රෑ එළි වෙනකන් පහර දීලා මරා දාලා

බීමතින් පැමිණ මුළු රැයක් පුරා පහරදී සහ විවිධ වද වද හිංසා පමුණුවා තමාගේ 85 හැවිරිදි වයෝවෘද්ධ පියා ඝාතනය කළ පව්කාර පුතෙකු පිළිබඳව කටුදෙනිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස තම පුත්‍රයාගෙන් ම පහර කෑමට ලක්ව මියගියේ බලවල කටුදෙණිය ප්‍රදේශය පදිංචි 85 හැවිරිදි ඩබ්. ඒ. සෝමපාල මහතාය.
සෝමපාල මහතා සිය 74 වියැති බිරිඳ සමඟ පදිංචිව සිට ඇත්තේ ඔවුන්ගෙන් බාල පුතුගේ නිවසේය.
පුතා පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන අයෙකු වන අතර ඔහු නිවසට පැමිණෙන්නේ මසකට හෝ දෙකකට වරක් පමණි. ඒ එන සෑම අවස්ථාවකම බීමත්ව මව පියා ඇතුළු පවුලේ සියලු දෙනාටම පහර දී ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.
මෙම පහරකෑම් ඉවසා ගැනීමට නොහැකි තැන සැකකරු නිවසට පැමිණීමට පෙර මහලු පියා හැර අනෙකුත් සියලු දෙනා නිවසින් පලාගොස් සැඟව සිටින බව හෙළිව තිබෙනවා.
සිද්ධිය වූ පසුගිය 13 වන දා සැකකරු නිවසට පැමිණෙන බව දැනගත් නිවැසියන් අසල්වැසි නිවසක් වෙත පළාගොස් තිබුණා. හරිහැටි ඇවිදීමට වත් නොහැකි මහලු පියා පමණක් නිවසෙහි ඉතුරු වූවා.
රාත්‍රී 10 පමණ වෙනවිට නිවසට ලඟා වූ තිරිසන් පුත්‍රයා එතැන් පටන් එළිවෙනතුරු තම පියාට පහර දී තිබෙනවා. මහලු පියාගේ අඳෝනාව නිවැසියන් සැඟව සිටි ස්ථානයටද ඇසුනද බීමත් තිරිසනාට තිබුණු බිය හේතුවෙන් කිසිවකු ඒ අසලට යාමට නිර්භීත වී තිබුණේ නැත.
පසුව උදෑසන 6:00 ට පමණක් නිවැසියන් ගොස් පරික්ෂා කිරීමේදී මුළු රැය පුරාම දරඳඩු පුතුගේ පහරකෑමට ලක්වූ අසරණ පියා ඇඳක් මත සිහිසුන්ව සිටියා.
ඔහුව ඉක්මනින් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණත් ඔහුගේ ජීවිතය බේරාගැනීමට හැකිව ලැබුණේ නැත.
සිද්ධියත් සමග උරණ වූ ප්‍රදේශවාසීන් සැකකාර නරුම පුත්‍රයා අල්ලා බැඳ පොලිසියට භාරදීමට කටයුතු කර තිබුණා.
2921 Views
Comments