අඩ වැටුප දෙසැම්බර් දක්වා ගෙවන්න ඉඩ දෙන්නැයි හාම්පුතුන් අවසර ඉල්ලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
13

අඩ වැටුප දෙසැම්බර් දක්වා ගෙවන්න ඉඩ දෙන්නැයි හාම්පුතුන් අවසර ඉල්ලයි

අඩ වැටුප දෙසැම්බර් දක්වා ගෙවන්න ඉඩ දෙන්නැයි හාම්පුතුන් අවසර ඉල්ලයි

කොරෝනා උවදුර සමයේ සේවකයන්ට අඩ මසක වැටුප හෝ රුපියල් දාහතරදහස් පන්සියක වැටුපක් ගෙවන ලෙසට පැනවූ නීතිය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරන ලෙසට හාම්පුතුන් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

 

හාම්පුතුන් වෙත මෙම සහනය ලබාදෙන ලද්දේ සැප්තැම්බර් මාසය දක්වා පමණක් බවද මේ වන විට කර්මාන්ත යථා තත්ත්වයට පත්ව ඇති බව පෙන්වා දී ඇති කම්කරු ඇමැතිවරයා හාම්පුතුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. මේ අතරින් බහුතරය ඇඟලුම් කම්හල්වේ. ප්‍රවාහන පහසුකම් සහ අතිකාල ගෙවීම් තවදුරටත් ලබා නොදී සේවකයන්ට සේවයට පැමීණීම හිතාමතා අධෛර්යමත් කරන ආයතන පනහක් පිළිබඳවද ඇමැතිවරයාට පැමිණිලි ලැබී ඇත.

 

මේ වන විට කොවිඩ් වසංගතය පාලනයවී ඇති නිසා විශේෂයෙන් ඇඟලුම් අපනයනට බාධාවක්වී නැතැයි හාම්පුතුන්ට පවසා ඇති ඇමැතිවරයා එබැවින් සේවක වැටුප් කප්පාදු කිරීමේ හේතුවක් නැතැයිද පෙන්වා දී ඇත.

 

කොවිඩ් වසංගතය මුවාවෙන් හාම්පුතුන් විසින් සේවක වරප්‍රසාද කප්පාදු කිරීම සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවට කර ඇති පැමිණිලි පිළිබඳව මාස පහක් තිස්සේ කිසිදු පියවරක් නොගැනීම ගැන අප්‍රසාදය පළකර ඇති ඇමැතිවරයා අදාළ පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගැනීමට හේතු දක්වමින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටද නිලධාරීන්ට නියෝග කර ඇත.

 

views

754 Views

Comments

arrow-up