“රත්තරං ඔයා වෙන කසාදයක් කරගන්න, මං තරහ නැහැ” - චන්ද්‍රිකා වැවත් කම්පා කළ දරුවන් සමඟ වැවට පැන දිවි තොර කරගත් මවගේ කඳුළු කතාව (PHOTOS)

“අනේ රත්තරං මට වරින්වර එන මේ ලෙඩේ ඔයාටත් හැදෙයි. ඒක නිසා ඔයා මාව අමතක කරල දාලා වෙන කසාදයක් කර ගන්න. මම තරහ නැහැ”
සුරංගිකා මධුමාලි (අවු. 32) කීපදිනක් තම ආදරණීය සැමියාට පැවසුවේ ඒ තරමට ජීවිතය ගැන ඇතිවූ කලකිරීමෙනි.
සත්‍යය වශයෙන්ම එය නොසිතූ ලෙස සැබෑවක් බවට පත්විය.
මියයන්නට විනාඩි 10 කට පෙර වැව් බැම්මේදී ගත් ඡායාරූපය
පසුගිය පළමු වැනි දින සවස 12.30ට පමණ සූරියවැව සිට තම ස්වාමියා නිවසේ නොමැති අවස්ථාවේ ආදරයෙන් කිරි දී හදා වඩා ඇති දැඩි කළ තම සිඟිති පුතුන් දෙපල සමඟ ඇඹිලිපිටියට පැමිණ චන්ද්‍රිකා ජලාශයේ සොරොව්ව අසලින් වැවට පැන ඇය ඉහත ප්‍රකාශය සත්‍යයක් බවට පසක් කළාය.
32 හැවිරිදි ඌරුබොක්ක දඩයම් කන්දේ උපන් අමරතුංග සුරංගිකා මධුමාලි හා 35 හැවිරිදි කළුආරච්චිගේ ප්‍රේමතිලක නව යොවුන් ආදරයෙන් අතිනත ගත්තේ කලක් හඳුනා ගෙන ඇසුරු කිරීමෙන් පසුවයි.
ඔවුන් දිවි ගෙවූයේ අංක 2272, සමාජ සේවාපුර, සූරියවැව යන ලිපිනයේය.
යොවුන් දිවියේ නැවුම් සුවය පතා අතිනත ගත් එම දෙපළගේ කැදැල්ල ආලෝකවත් කරන්නට පැමිණි අමුත්තන් වූයේ පුතුන් දෙදෙනෙකි.
වැඩිමහල් පුතු කළුආරච්චිගේ දුෂ්මන්ත වන අතර බඩපිස්සා හුරතලා වූයේ කළුආරච්චිගේ නෙතුය.
සූරියවැව මහ විදුහලේ 7 සහ 1 වසරවල මෙම පුතුන් දෙදෙනා ඉගෙනුම ලබන අතර ආගමික කටයුතුවලට මුල්තැන දෙමින් දිවි ගෙවමින් සිටි ප්‍රේමතිලක සහ මධුමාලි අතර කෙදිනකවත් අමනාපකම් හා සිත්තැවුල් ඇති නොවූයේ ආදරයෙන් දෙදෙනාම බැඳී සිටීමත් මෙන්ම නිවසට ඇයට දරුවන්ටද කිසිදු අඩුවක් පාඩුවක්වත් නොතබන්නට ප්‍රේමතිලක වගබලා ගත් නිසාවෙනි.
ඔහු සමාජයේ කා අතරත් පිළිගත් හිතහොඳ ගව හිමියකුද වේ. පසුගිය පළමු වැනි දින ප්‍රේමතිලක සූරියවැව නගරයට ගොස් තිබුණේ යම් කටයුත්තක් සඳහාය.
ඒ අතරතුර සුරංගිකාගේ කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුව ඉටුකර ගැනීමට හොඳම අවස්ථාව මෙය බව සිතන්නට ඇති.
ප්‍රේමතිලකගේ සොහොයුරු කළුආරච්චිගේ සමන් කියන කථාවට යමු,
"නංගි මල්ලී බොහොම ආදරයෙන් සතුටෙන් සමගියෙන් හිටියේ. දරුවන්ටත් බොහොම ආදරෙයි. නංගිට කාලයක් තිස්සේ මානසික රෝගයක් තිබුණා. - හම්බන්තොට රෝහලේ මානසික අංශයෙන් ඒකට ප්‍රතිකාර ගන්නවා. මියයන්නට දින තුනකට කලිනුත් එයා ප්‍රතිකාර ගත්තා. මල්ලිට විශාල ගවපට්ටියක් ඉන්නවා. එයා නිතරම ගෙදර ඉන්නෙ නැහැ. ගවයන්ට කවන්න ඈත පළාත්වලට යනවා. එයාලට කිසි අඩුපාඩුවක් තිබුණේ නැහැ.
පසුගිය දවසක පන්සලක බුදු පිලිමයක් හදන්න රුපියල් ලක්ෂ එකහමාරක් විතර දුන්නා. සිද්ධිය වුණ දවසේ උදේ දරුවන් දෙදෙනාට කතා කරල කොණ්ඩය කපන්න යමු කියල. අපේ අයියාගේ දුවත් ඒ ගෙදර ඉඳල. ඒ දුවගෙ බෙල්ල බදාගෙන මට යන්න බැහැ කියල බාලම දරුවා අඬල. ඊට පස්සේ කන්න අරන් දෙනව, සෙල්ලම් බඩු අරන් දෙනව, ෆොටෝ ගහනව කියල තමයි පොඩි දරුවාත්, ලොකු දරුවාත් අරගෙන ගිහින් තියෙන්නේ.
සූරියවැව ගිහිල්ලා ඇඹිලිපිටිය බස් එකේ ඇවිත් චන්ද්‍රිකා වැව සොරොව්ව ළඟ බැහැල දරුවන්ට බඩගිනියි කීවම කඩේකින් බඩපිරෙන්න කන්නත් අරන් දීල. පොඩි පුතාට සෙල්ලම් වීල් එකකුත් අරන්දීල. වැව් බැම්මට නැඟල දරුවා වඩාගෙන පිංතූරයකුත් ගහල ලොකු දරුවාත් අරගෙන වැවට පැනල, ලොකු දරුවා පීනා ගෙන ගොස් ගලක් බදාගෙන ජීවිතය බේරාගෙන. අකාලයේ වටිනා ජීවිත විනාශවීම කාගේ වරදක්ද දන්නේ නැහැ. මෙවන් විපත් අසන්නට දකින්නට අපි තමයි පව් කරල තියෙන්නේ.”
616 Views
Comments