තෙල් මාෆියාවේ තිත්ත ඇත්ත
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
27

තෙල් මාෆියාවේ තිත්ත ඇත්ත

තෙල් මාෆියාවේ තිත්ත ඇත්ත

රටතුළ පවතින උග්‍ර ඉන්ධන අර්බුදය හමුවේ සංවිධානාත්මක ඉන්ධන ජාවාරමක් ක්‍රියාත්මක වීම හේතුවෙන් අසීමිත ඉන්ධන පරිභෝජනයක් නිර්මාණය වී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ඉහළපෙළ් නිළධරීන් පවසනවා.

 

ඉන්ධන අර්බුදය මෙරට තුළ නිර්මාණය වීමට පෙර රට තුළ සාමාන්‍ය දෛනික පෙට්‍රල් ඉල්ලුම මෙට්‍රික්ටොන් 3500 ක් ,ඩීසල් ඉල්ලුම මෙට්‍රික්ටොන් 6500 භූමිතෙල් ඉල්ලුම මෙට්‍රික්ටොන් 700 සේම කර්මාන්ත ශාලා සදහා අවශ්‍ය දැවිතෙල් ඉල්ලුම මෙට්‍රික්ටොන් 400 ක අඟයක සඳහන් වුවද මේ ඉන්ධන මාෆියාව තුළ එය තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති තත්ත්වයක් පෙන්නුම් කරන බවද තෙල් සංස්ථා ඉහළපෙළ් නිළධරීන් සදහන් කරනවා.

 

ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ඉන්ධන මාෆියාව හේතුවෙන් එදිනෙදා අත්‍යවශ්‍ය කටයුතු සඳහා ඉන්ධන ලබා ගන්න විවිධ වෘත්තිකයින්,ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස්, රෝගින් බැලීමට එදිනෙදා රෝහල් කරා යන තැනැත්තන් ආදී අය දැඩි අපහසුතාවන්ට පත්වන බවයි.

 

මෙම ඉන්ධන මාෆියාව උග්‍ර වී ඇත්තේ බොහෝ ත්‍රීරෝද රථ,කාර්,වෑන් ලොරි වෑන් ආදිය ඉන්ධන එකතුන්කිරීනේ ක්‍රියාවක නිරත වී සිටීම බවද වාර්තා වෙනවා.

 

විශේෂයෙන් මේ වන විට වෙළෙදපොළේ පවා ටැංකියෙන් ඉන්ධන පිටතට ගන්නා බට වර්ග හිඟයක්ද පවතින්නේ මේ වතාවරණය මෙසේ තිබීම නිසාය බොහෝ කාර් රථවල ඉන්ධන ටැංකියෙන් ඇද ගැනීමට නොහැකි නිසා එලෙස තෙල් ඇදිම සදහාම විශේෂ පුහුණුවක් සහිත පිරිස් ඉන්ධන හල් ආශ්‍රිතව කරක් ගසමින් රුපියල් 500 වැනි මුදලට සිය සේවා කාර් රථ හිමියන්ට ලබා දෙන බවටද තොරතුරු වාර්තා වෙනවා.

 

ඉන්ධන ටැංකි සුද්ද කිරීම සදහා ගන්නා නළද රුපියල් 1000 ඉක්මවා ඇති බවත් විවිධ ප්‍රමාණයේ කෑන්,බූලු මිලද ද අසීමිත ලෙස ඉහළ ගොස් ඇති බවද සදහන් මේ තාක් දුරට මෙම ඉන්ධන එක්රැස් කිරීමේ ජාවාර ඔඩුදුවා ඇතිඅතර මෙම ජාවාරම්කරුවන් වැඩි මුදලට ඉන්ධන අළෙවි කිරීමේ ජාවාරම් වලද නිරත වන බවත් ඇතැමුන් පෙට්‍රල් හා ඩීසල් ලීටර්යක් රුපියල් 1000 කට ආසන්න මිලකට අළෙවි කරන බවත් වාර්තා වෙනවා.

 

මෙම මාෆියාවේ තවත් පැතිකඩයක් ලෙස පෙනී යන්නේ ඉන්ධනහල් ආශ්‍රිතව පාතාල ක්‍රියාකාරකම් වැඩි වීමයි.

 

මේ වනවිත් මහනුවර ,පානදුර ඇතුළු ප්‍රදේශය රැසකින් මෙවැනි පාතාල ක්‍රියාකාරකම් වාර්තා වී ඇති අතර තෙල් සංස්ථා බලධාරීන් වෙත තොරතුරු ලැබී ඇත්තේ ඉන්ධනහල් හිමිකරුවන් මෙම පාතාල ක්‍රියාකාරකම් දැන ගෙන නිහඩව සිටින බවයි.

 

ඒ ඔවුන්ගේ ඉන්ධනහල් ආරක්ෂාව ගැන සිතාය. ඉන්ධනහල් ආශ්‍රිතව ගැටුම් නිර්මාණය වී ඇති පසුබිමක ප්‍රදේශයේ චන්ඩි හා පාතාලයට ඉන්ධන හලේ කටයුතු ඇතැම් ඉන්ධනහල් හිමිකරුවන් පාලනය කිරීමට දෙන බවත් එහිදී එම මැරවරයින් ක්‍රියාත්මක වී ඔවුන්ගේ හිතවත් අයට සහ මිල මුදලට පෝළිම් පන්නා තෙල් සපයන්න බවත් වාර්තා වී ඇත.

 

මේ තත්ත්වය ආරක්ෂක අංශවලින් හෝ පාලනය නොකර්න බවත් ඉන්ධන හලට යොදවා ඇති ඇතැම් ආරක්ෂක අංශ නිළධරීන් ද සිය දැන හැදුනුම් කම් මත හා උපදෙස් නියෝග මත පෝළිම් පන්නා තෙල් ලබා දීම්ද නන් දෙසින් වාර්තා වේ මේ නිසා පැය ගණන් දින ගණන් පෝළිම් වල සිටින ජනතාවට අවසානයේ හිස් අතින් නිවසට ඒමටද් සිදුව ඇත

 

මෙවැනි මාෆියාවන් මර්ධනය කිරීම සදහා පොලිසිය යොදව ඇත. මේ ජාවාරමේ එක් භයානක පැතිකඩක් වනේ වැඩි මිලට තෙල් විකුණන ජාවාරම් කරුවන් තෙල් වලට විවිධ දෑ කලවම් කොට ලීටර් ගාණන වැඩි කිරීමය.මේ නිසා අනාගතයේදී මෙවැනි ජාවාරම් වලින් තෙල් ගන්නා වාහන කාර්මික දෝෂ්යන්ට ලක් වීමේ අවධානමක් ද ඇත

views

311 Views

Comments

arrow-up