නව කොවිඩ් වෛරස ප්‍රභේදයක්

නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් හඳුනාගැනීමට හැකි වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ප්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කර සිටිනවා.
මෙම වෛරසය BA5 ලෙස නම් කර ඇති අතර රටවල් 63කින් වාර්තා වී ඇති බවත් එතුමා ප්‍රකාශ කර සිටියා.
අනෙක් වෛරසයන් ට සාපේක්ෂව ඉතා ශීඝ්‍රයෙන් මෙම වෛරසය පැතිර යන අතර මෙම වෛරසය පිළිබඳව ගෝලීය සෞඛ්‍ය විද්‍යාඥයින් අඛණ්ඩව තවමත් පරීක්ෂණ පවත්වන බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.
කෙසේ වෙතත් ලංකාවෙන් මෙම නව වෛරස් ප්‍රභේදය ආසාදිතයකු තවමත් හඳුනාගෙන නොමැති බැවින් කලබල නොවී දැඩි අවධානයෙන් සිටින ලෙසත් ඔහු දන්වා සිටිනවා.
277 Views
Comments