“ගෙදරින් කරදරයි” කියූ 11 හැවිරිදි දරුවාගේ මල සිරුර ලිඳෙන් මතුවෙයි - මරණය සැකයි ලොකු අම්මා සාක්‍ෂි දෙමින් කියයි

නිවස ඉදිරිපිට ළිඳෙන් සොයාගත් වයස අවුරුදු 11ක දරුවාගේ මරණය පිළිබඳව දැඩි සැකයක් මතුවන බව දරුවාගේ ලොකු අම්මා හඬා වැළපෙමින් මහෙස්ත්‍රාත්වරුන් ඉදිරියේ සාක්‍ෂි ලබාදෙමින් පැවසුවාය.
23 වනදා රාත්‍රියේ පටන් නිවසේ නැතැයි නිවැසියන් විසින් පොලිසියට පැමිණිලි කර තිබූ දරුවෙකුගේ සිරුර නිවස ඉදිරියේ ඇති ළිඳකින් 24 වැනිදා සොයාගැනුණි.
එම මරණය පිළිබඳ ග්‍රාම නිලධාරිවරයාද පෙර සිදුවීම් රැසක් පිළිබඳ සාක්‍ෂි ලබාදෙමින් තොරතුරු රැසක් කීවේය.
කුලියාපිටිය ඉහළ ගොමුගොමුව ප්‍රදේශයේ පදිංචිව සිට ඇති 11 හැවිරිදි ශෂිකුමාර් යෙහාන් අකලංක නැමැති පිරිමි දරුවෙකු එලෙස මියගොස් තිබිණ.
දරුවා නිවසේ නොමැති බවට කළ පැමිණිල්ලක් මත කුලියාපිටිය පොලිසිය හා ගම්වාසීන් එක්ව කළ සොයාබැලීමේ දී නිවස ඉදිරිපිට කැලෑවෙන් වැසී තිබුණ ආවරණය කර නොතිබූ ළිfඳහි ජලය අස් කරමින් සිටියදී අදාළ දරුවාගේ සිරුර මතුවී තිබිණි.
නිවසේ සිට ඇත්තේ දරුවාගේ මවත් සීයාත් බව පොලිසිය පැවසීය.
එහිදී මරණ පරීක්‍ෂකවරයා ඉදිරියේ ප්‍රදේශවාසීන් හා ඥාතීන් මියගොස් සිටි දරුවා හා නිවැසියන් අතර තිබූ අතීත පසුබිම් අලලා අදාළ මරණය සම්බන්ධව සැක සහිත බව පවසා තිබීම නිසා දරුවාගේ මරණය පිළිබඳව මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයක් ඉල්ලා තිබිණි.
කෙසේ වුවත් සිද්ධිය වූ ස්ථානයේ ස්ථානීය පරීක්‍ෂාවට ගිය මහෙස්ත්‍රාත්වරුන් ස්ථානීය පරීක්‍ෂණය සිදු කිරීමෙන් අනතුරුව කළ සාක්‍ෂි කැඳවීමේදී මියගිය දරුවාගේ ලොකු අම්මා යැයි කියන අය ඉදිරිපත්ව දරුවා ජීවත්ව සිටියදී නිවසේ වැඩිහිටියන් විසින් නිරන්තරයෙන් දරුවාට පහර දෙන බවත් ඔවුන් කළ වෙනස්කම් අනුව මරණය හා සම්බන්ධ සිදුවීම පිළිබඳ ඇත්තේ ප්‍රබල සැකයක් බවත් පැවසුවාය.
ඒ අතර ග්‍රාම නිලධාරිවරයාද සාක්‍ෂි ලබා දෙමින් පැවසුවේ දරුවා නිවැසියන් පහර දෙන බැව් කියමින් දින කිහිපයක් තම කාර්යාලයට පැමිණි බවයි.
තමන් ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කර ඒ අවස්ථාවේ වැඩිහිටියන් පොලිසියට කැඳවා පළමු හා අවසාන වතාව බව දැනුම් දෙමින් තරයේ අවවාද කළ පසුබිමක මෙවන් සිදුවීමක් වී ඇතැයිද හෙතෙම පැවසීය.
මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා දේහය කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමුකරන ලෙසද එහි දී මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.
450 Views
Comments