විරෝධතාවලට වැට බඳින්න ආර්ථික අපහසුතා මැද රජය ඉන්දියාවෙන් අලුත් ජල ප්‍රහාරක රථ මිලට අරන් ?

විරෝධතාවයන් මැඩ පැවැත්වීම සඳහා ආරක්ෂක අංශ විසින් භාවිත කරනු ලබන නවතම ජල ප්‍රහාරක රථයක් (water canon) හම්බන්තොට වරාය හරහා මෙරටට ගෙන්වා ඇතැයි වාර්තාවේ.
මෙම රථය පොලිස් විශේෂ කාර්ය බලකායේ පරිහරණය සඳහා ගෙන්වා ඇති අතර පසුව මෙය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පැමිණ විශේෂ ආරක්ෂාව යටතේ ඊයේ(07) හම්බන්තොට වරායෙන් රැගෙන ගොස් ඇත.
මෙම ජල ප්‍රහාරක රථය ඉන්දියාවෙන් ගෙන්වූ බවත් වාර්තාවේ.
එය Vijay Fire Vehicles and Pumps Limited වෙතින් ගෙන්වා ඇති අතර රටේ පවතින ඩොලර් අර්බුදය හමුවේ ඉන්දියාවෙන් ණය පවා ලබාගෙන තිබෙන පසුබිමක මේ ආකාරයෙන් එම මුදල් රටේ ජනතාව මර්දනයට යෙදවීමට වියදම් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය මගින් දැඩිසේ විවේචනයට ලක්වී තිබේ.
578 Views
Comments