“රනිල් කියන්නේ අතේ පත්තු වෙන බොරු” - පොදුජන පෙරමුණෙන් විශේෂ නිවේදනයක් (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
29

“රනිල් කියන්නේ අතේ පත්තු වෙන බොරු” - පොදුජන පෙරමුණෙන් විශේෂ නිවේදනයක් (VIDEO)

“රනිල් කියන්නේ අතේ පත්තු වෙන බොරු” - පොදුජන පෙරමුණෙන් විශේෂ නිවේදනයක් (VIDEO)

රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිධූරය ලබාදීමේ කිසිදු සූදානමක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි. 

 

එම පක්ෂයේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා සඳහන් කර සිටියේ අගමැතිධුරය සඳහා සුදුසුම පුද්ගලයා මේවන විට එම තනතුර දරන බවයි.

 

අගමැති ධූරය සහ ජාතික ආණ්ඩුවක් පිළිබඳව පළවන වාර්තා පිළිබඳව ඊයේ(28) පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අදහස් පළ කළේය.

 

මාධ්‍යවේදීන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකම ලබාදීමට තරම් මො‌ළේ අමාරුවක් තම පක්ෂයේ කිසිවෙකුට ඇතැයි, තමා නොසිතන බවයි.

 

 
රනිල්ට අගමැතිකම දෙන්න තරම් මොලේ අමාරුවක් අපිට නැහැ - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණBreaking News

රනිල්ට අගමැතිකම දෙන්න තරම් මොලේ අමාරුවක් අපිට නැහැ - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණBreaking News

Posted by Newsfirst.lk on Monday, March 28, 2022

 

views

658 Views

Comments

arrow-up