පූජාවට පැමිණි අඹුසැමියන්ට පහරදුන් කපුවා කපෝති - තුවාල ලැබූ කාන්තාව රෝහලට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
22

පූජාවට පැමිණි අඹුසැමියන්ට පහරදුන් කපුවා කපෝති - තුවාල ලැබූ කාන්තාව රෝහලට

පූජාවට පැමිණි අඹුසැමියන්ට පහරදුන් කපුවා කපෝති - තුවාල ලැබූ කාන්තාව රෝහලට

දෙවුන්දර ශ‍්‍රී විෂ්ණු දේවාලයේ පූජාවක් සඳහා පැමිණි බව කියන අඹු සැමි යුවළකට පහර දුන් බවට සැකපිට දේවාලයේ ප‍්‍රධාන කපු මහතා ඊයේ (21 දා) පස්වරුවේදී අත්අඩංගුවට ගත් බව ගන්දර පොලීසිය කියයි.



දෙවුන්දර ශ‍්‍රී විෂ්ණු දේවාලයේ පූජාවක් සඳහා පැමිණි අඹුසැමි යුවලක් හා දේවාලයේ ප‍්‍රධාන කපු මහතා අතර ඇති වූ බව කියන බහින්බස්වීමක් දුරදිග යෑමෙන් පසුව මෙම ගැටුම ඇතිවී තිබේ.



එහිදී කපු මහතා විසින් සිදුකළ පහරදීමකින් කාන්තාවක් තුවාල ලබා තලල්ල ග‍්‍රාමීය රෝහලට ඇතුළත් කොට තිබේ.

 

ඒ අනුව ගන්දර පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත දෙවුන්දර ශ‍්‍රී විෂ්ණු දේවාලයේ ප‍්‍රධාන කපු මහතා ගන්දර පොලිසිය මගින් අද පස්වරුවේදී අත්අඩංගුට ගෙන තිබේ.



දේවාලයේ සුපුරුදු පරිදි දහවල් පූජාව වසා නැවතත් බැතිමතුන් සඳහා විවෘත කරනු ලැබූ අවස්ථාවේදී දේවාලය තුළ දී මෙම පහරදීම සිදුවී ඇතැයි සඳහන්ය.

 

ඒ පිළිබඳව මෙම ස්ථානයේ සවිකර තිබූ සීසීටීවී ආරක්ෂිත කැමරාවල සටහන් වී ඇතැයි පොලිසිය පවසයි. 

views

696 Views

Comments

arrow-up