බලශක්ති ඇමතිගේ රියැදුරු ඝාතනයේ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ රියැදුරෙකු ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කැස්බෑව පොලිසිය මේ බව පැවසීය.
ඉන් එක් සැකකරුවෙකු කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය.
ඊයේ (21) රාත්‍රී 7.00ට පමණ එම රියැදුරුට පොලු මුගුරුවලින් සහ තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබිණි.
මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ, කැස්බෑව - මාවිත්තර, ගම්මානවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි වියේ පසු වූ දෙදරු පියෙකි.
ඝාතනයට ලක් වූ රියැදුරාගේ නිවස ඉදිරිපිට මාර්ගයේ අධික වේගයෙන් යතුරු පැදියක් ධාවනය කළ තරුණයෙකුට ඔහු විසින් සෙමෙන් යතුරු පැදිය ධාවනය කරන ලෙස අවවාද කිරීමක් සිදු කර ඇත.
ඊට උරණ වූ එම තරුණයා ඔහුගේ නිවසට ගොස් තව ත් පිරිසක් සමග පැමිණ මෙලෙස බලශක්ති අමාත්‍යවරයාගේ රියැදුරාට පොලු මුගුරුවලින් පහර දී තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය පැවසීය.
පොලිසිය මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ, ඝාතනය සඳහා අදාළ යතුරුපැදිකරු ඇතුළුව ඔහුගේ පියා, වැඩිමහල් සොහොයුරා සහ යතුරුපැදිකරුගේ යහළුවන් බව පැවසෙන පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ ඇති බවය.
මෙම ඝාතනය පෞද්ගලික ආරවුලක් හේතුවෙන් සිදුවූවක් බව ඔහු වැඩිදුරටත් පැවසීය.
786 Views
Comments