ජනපති හා දෙමළ සන්ධානය අතර සාකච්ඡාව කල් යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
15

ජනපති හා දෙමළ සන්ධානය අතර සාකච්ඡාව කල් යයි

ජනපති හා දෙමළ සන්ධානය අතර සාකච්ඡාව කල් යයි

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද(15) පැවැත්වීමට නියමිතව තිබූ හමුව හදිසියේ අවලංගු කළ බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

 

එම සාකච්ඡාව මේ මස 25 වැනිදා පෙරවරු 10ට නැවත පැවැත්වෙන බව දෙමළ ජාතික සන්ධානයේ නිලධාරියෙකු සඳහන් කළේය.

 

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානම දේශපාලන පක්ෂයක් වන ටෙලෝ සංවිධානය මෙම සාකච්ඡාව වර්ජනය කිරීමට තීරණය කර තිබූ බවත් ඊයේ සාකච්ඡාව පැවැත්වූයේ නම් එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් තිදෙනෙක් සහභාගි නොවන බව දැනුම්දී තිබූ බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීවේය. 

views

618 Views

Comments

arrow-up