“මට ආර්ථිකේ හදන්න එක අවුරුද්දක් ඇති” - බැසිල් පසුපෙළට සහතික වෙයි

රට තුළ උද්ගතව තිබෙන ආර්ථික අර්බූද සියල්ල විසඳීමට තමන්ට වසරක කාලයක් ලබාදෙන ලෙස මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමට දැනුම්දී ඇත.
ඊයේ(08) සවස පැවැති මෙම රැස්වීමේදී පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රබලයෙකු වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මතුව ඇති ආර්ථික අර්බූදය සම්බන්ධයෙන් දීර්ඝව ප්‍රශ්න කර තිබේ.
එහිදී එම ගැටලු සාවධානව අසා සිටි මුදල් අමාත්‍යවරයා සියලු ප්‍රශ්න විසදීමට වසරක කාලයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇත.
එම වසර ඇතුළත සියලු ප්‍රශ්න විසඳන බවට සහතිකයක් මුදල් අමාත්‍යවරයා විසින් පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමට ලබා දී තිබේ.
664 Views
Comments