විවාහ වෙනවා කියා 51 මනමාලයාගේ ලක්ෂ 85කට විද්ද 25හේ රූපලාවන්‍ය ශිල්පිනිය මාට්ටු

කොරියන් නැවක සේවය කරන 51 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකුට විවාහ පොරොන්දු දී රුපියල් ලක්ෂ 85 ක් ලබාගෙන වංචා කළ බව කියන 25 හැවිරිදි සුරූපී රූපලාවණ්‍ය ශිල්පිනියක් අත්අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය කියයි.
තරුණිය හඳුනා ගැනීමට ලැබුණේ බම්බලපිටිය ප්‍රදේශයේ දී අහම්බෙන් නෙත ගැටීමෙන් අනතුරුව බවත් එදින සිට මිතුරන් වූ ඔවුන් දෙදෙනා දැඩි ළෙන්ගතුව ඇසුරු කල බවත් එම පුද්ගලයා කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.
ඉකුත් වසරේ දෙසැම්බර් මස 8 වැනි දින කොරියන් නැවේ සේවය සඳහා පිටත්ව ගිය ද එදින සිට 2022 ජූනි මස 25 වැනි දා දක්වා මාස හයක පමණ කාලයක් තුළ තරුණියගේ ඉල්ලීම පරිදි ඇයගේ අවශ්‍යතා සඳහා වරින් වර රුපියල් ලක්ෂ 85 ක් ඇය වෙත එවු බව එම පැමිණිල්ලේ තවදුරටත් සඳහන් වේ.
ඉකුත් ඔක්තෝම්බර් මස 14 වැනි දින මෙරටට පැමිණි තමන් ඇය හමුවීම සඳහා බම්බලපිටිය ඇය නවාතැන් ගෙන සිටි ස්ථානයට ගිය ද ඇය එහි නැති බවත් මාසයකට පමණ ඉහතදී ඇය ගම් ප්‍රදේශයේ වන කිළිනොච්චියට ගිය බවට දැනගන්නට ලැබුණු බවත් පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ දී පැමිණිලිකරු පවසා තිබිණි.
ඇයගේ ජංගම දුරකථනයට ඇමතුම් ගත්තට එයද අක්‍රිය පැවතීම හේතුවෙන් ඇය පදිංචි නිවස සොයා කිළිනොච්චියට ගිය බවත් නමුත් සොයා ගැනීමට නොහැකි වූ බවත් පැමිණිලිකරුගෙන් අනාවරණය විය.
දහසකුත් බලාපොරොත්තු තබාගෙන විවාහ වීමේ අදහසින් තරුණියට මුදල් ලබා දුන් බවත් ඇය තමන් මගහැරීමේ හේතුවෙන් එම මුදල් ලබා දෙන ලෙස ඉල්ලා එම පුද්ගලයා පැමිණිලි කළ බව පොලිසිය කියයි.
ඒ අනුව සැකකාරියගේ ජංගම දුරකථන විශ්ලේෂණ වාර්තා සහ ගිණුම් වාර්තා ඔස්සේ විමර්ශන පවත්වා ඇය පදිංචි සිටින ලිපිනය හඳුනාගෙනෙ පොලිස් පණිවුඩ යවා ඇය කොළඹට කැඳවා සිදු කළ ප්‍රශ්න කිරීමේදී තමන් ඔහුගෙන් මුදල් ලබාගත් බවත් තම අදහස් සහ ඔහුගේ අදහස් නොගැළපීම හේතුවෙන් තමන් ඔහු සමග විවාහ වීමේ බලාපොරොත්තු අත්හැර දැමූ බවත් තරුණියගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී යැයි යයි පොලීසිය කියයි.
ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව තරුණිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකාර තරුණිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
252 Views
Comments